Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය වාර කිහිපයක්! නොමිලේ මිහින්තලේ යන්නත් අවස්ථාව!

1 year ago

පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන්වාර 20ක් පමණ ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.

එමෙන්ම අනුරාධපුරය සිට මිහින්තලය දක්වා පොසොන් සමය තුළ දුම්රිය ගමන්වාර 36ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.

මේ අතර එම දුම්රිය ගමන්වාර 36 තුළ බැතිමතුන්ට නොමිලේ ගමන් පහසුව සලසා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ සඳහා පෞද්ගලික ආයතනයක් විසින් මුදල් සපයා ඇති බවද ඔහු සඳහන් කර සිටියා.