Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන ජනතාවට දැනුම්දීමක්

1 year ago

පොසොන් පුන් පොහොය දිනය මූලික කර ගනිමින් දිවයින පුරා බෞද්ධ බැතිමතුන් විසින් සිදු කරන ආගමික වැඩසටහන් සම්බන්ධයෙන් ආරක්ෂාව ලබාදීමට ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කර තිබෙනවා.

මේ අතර හෙට දිනයේ සිට පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවා.

ඒ අනුව අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

එම සැලැස්මට අනුව අනුරාධපුර පූජා භූමිය සහ මිහින්තලය පූජා භූමිය තුල පහත සඳහන් ස්ථානවල රථගාල් ස්ථාපිත කර ඇති අතර ඒවායෙහි සිය රථවාහන නවතා තැබීම් සිදුකරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.