Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සැමියාගේ පොලු පහර 21 හැවිරිදි එක්දරු මවට මරු කැඳවයි

1 year ago

සැමියා විසින් තම බිරිඳට පහර දී ඝාතනය කළ පුවතක් වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ(08) රාත්‍රියේ දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමකින් දුරදිග යාමෙන් පසු සැමියා විසින් මෙම අපරාධය සිදුකර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව, වයික්කාල, තඹරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 21ක එක්දරු මවක්.

ඝාතනයට සැකපිට 29 හැවිරිදි සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනය ලක් වූ බිරිඳ සහ සැකකාර සැමියා වයික්කාල ප්‍රදේශයේ පවත්වා ගෙන යන උළු කර්මාන්ත ශාලාවක සේවය කර ඇති අතර ඔවුන් ඒ ආසන්නයේම පිහිටි නිවසක පදිංචිව සිට ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.