Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චමල් රාජපක්ෂත් අද හෙටම අල්ලස් කොමිසමට

1 year ago

දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු කතානායකවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන චමල් රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසනවා.

ඉදිරි දින කිහිපයේදී ඔහුව අල්ලස් කොමිසමට කැඳවා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

තමන්ට අයත් නොවන දේපළක් අරගල සමයේදී විනාශ වී යැයි පවසමින් රුපියල් කෝටියකට වැඩි වන්දියක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.