Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රදේශ රැසකට පැය 10ක ජල කප්පාදුවක්

1 year ago

ගම්පහ ප්‍රදේශ රැසකට ජූනි මස 11 වන බදාද දින උදෑසන 8.30 සිට ප.ව 6.30 දක්වා පැය 10ක  ජලකප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ, පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ කොටසකට මෙම ජල කප්පාදුවෙන් බලපෑම් ඇතිවන බවයි.

බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම් වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය දැනුම් දෙන්නේ.