වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ් වැඩතහනමට ලක්කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) චාමික ගමගේ මහතා විසින් නිකුත් කර ඇති ලිපියකින්, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන, රවී කුමුදේශ් වෙත මෙම වැඩතහනමට ලක්කිරීම සම්බන්ධයෙන් දැනුම් දී ඇත.
ආයතන සංග්‍රහයට පිටින් යමින්, 2024 මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී තරග කිරීම හේතුවෙන් මෙලෙස වැඩ තහනමට ලක් කරන බව එම ලිපියේ සඳහන්ව ඇත.
මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් අපේක්ෂකයකු ලෙස නාමයෝජනා අත්සන් කරන ලද 2024.10.10 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ රාජකාරි වැඩ තහනම් කරන බව එම ලිපියෙන් දැනුම් දී තිබේ.
ඒ අනුව, ඔහුට වැටුප් ඇතුළු දීමනා කිසිවක් හිමි නොවනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
එසේම, වැඩ තහනම්ව සිටින කාලය තුළ ඔහුට විදෙස් ගත වීමටද හැකියාවක් නොමැති බවත් පදිංචි ස්ථානයේ, ලිපිනයේ වෙනසක් සිදු වන්නේ නම් එයද දැනුම් දිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) චාමික ගමගේ මහතා එම ලියුම මගින් සඳහන් කර ඇත.
