Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මර්වින් සහ ප්‍රසන්න යළි රිමාන්ඩ්

1 year ago

කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූට ලේඛණ සකස් කිරිම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් හය දෙනා අතුරින් හිටපු ඇමැති මර්වින් සිල්වාට ඇප ලබා ගැනීම සදහා දෙවන වරටත් ඉදිරිපත් කර තිබු ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් හය දෙනා තවදුරටත් ලබන ජුනි මස 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කර තිබෙනවා.

මීට ඉහත පැවැති නඩු දිනයේ දී මර්වින් සිල්වාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් ඔහු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත  ප්‍රතික්ෂේප කළා.

මේ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් , එහි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිල්රෝයි පෙරේරා, හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් හා නවීන් වීරකෝන් යන හය දෙනා මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.