Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නේපාලය ආරම්භ කළ මව්කිරි බැංකුව

1 year ago

නේපාලයේ පළමු වරට, ළදරුවන්ට මව්කිරි ලබාදීමට මව්කිරි බැංකුවක් ස්ථාපිත කර තිබෙනවා. 

මෙම වැඩසටහන යටතේ, අඩු බරෙන් උපන්, නොමේරූ සහ අනෙකුත් අවදානම් යටතේ උපන් නව බිළඳුන්ට මව්කිරි සැපයීමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ,  යුනිසෙෆ් සංවිධානය, නේපාල රජය සහ අනෙකුත් හවුල්කරුවන් එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

ලොව පුරා සෑම වසරකම නොමේරූ ළදරුවන් මිලියන 15 කට වැඩි ප්‍රමාණයක් උපත ලබන අතර නේපාලය සහ අනෙකුත් මධ්‍යම ආදායම් ලබන රටවල වාර්ෂිකව නොමේරූ දරු උපත් 81,000 ක් සිදුවන බවට අනාවරණ වී තිබෙනවා.