Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාස ගණනකට පසු සුමේධව යළි හමුවෙයි

1 year ago

මරදන්කඩවල ප්‍රදේශයේදී පසුගිය මාර්තු මාසයේ දී අනතුරට ලක්වීමෙන් පසුව අතුරුදන්ව සිටි සුමේධ ඇතා මාස තුනකට පමණ පසුව මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ පිහිටි පදුපොළ තොටුපළ ආශ්‍රිතව සැරිසරන ආකාරය එහි සංචාරය කළ පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කරගෙන තිබේ.

අනතුරින් පසුව සුමේධ ඇතාගේ දකුණු දළය කැඩී ගිය අතර කෙසේවෙතත් එම සත්වයා මේ වනවිට නිරෝගීව සිටින බවයි වනජීවි නිලධාරීන් සදහන් කළේ. 

අනතුරෙන් පසු අතුරුදන් වූ සුමේධ ඇතා සොයා ගැනීම සඳහා පසුගිය කාලයේ වනජීවි නිලධාරී කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදු කර තිබුණා.

අදාළ මෙහෙයුම සදහා ඩ්‍රෝන කැමරා භාවිතා කළද, සන්නිවේදන පහසුකම් නොමැතිවීම හේතුවෙන් සහ රක්ෂිතයේ වන අලි විශාල සංඛ්‍යාවක් රැදී සිටීම හේතුවෙන් අනතුරට ලක්වූ ඇතා සෙවීමේ මෙහෙයුම්වලට බාධා වුණා.