Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දන්සල ඛේදවාචකයකින් අවසන් වෙයි! පුතු මරුට! පියාට තුවාල!

1 year ago

මතුගම අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රී කාලයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවට මතුගම පොලිසිය සඳහන් කරනවා. 

මරණකරු වයස අවුරුදු 23ක් වූ යටිදොල, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාලකරු වයස අවුරුදු 51ක් වන යටිදොල නවුත්තුඩුව ප්‍රදේශයේම පදිංචි මරණකරුගේ පියායි. 

ඊයේ දහවල් මතුගම නවත්තුඩුව ප්‍රදේශයේ පොසොන් උත්සවය නිමිත්තෙන් බත් දන්සලක් මෙම පිරිස විසින් සංවිධානය කර තිබී ඇති අතර බත් දන්සලෙන් අනතුරුව එය සංවිධානය කළ පිරිස මතුගම කඩවක ප්‍රදේශයේ අවන්හලකට ගොස් මත්පැන් පානය කර තිබේ.

එහිදී මියගිය තරුණයාගේ වැඩිමහල් සහෝදරයා ඔහුගේ පියාගේ සහෝදරයෙකු සමඟ අරවුලක් ඇතිකරගෙන ඔහුට හෙල්මටයකින් පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

එහි සිටි අනෙක් පිරිස විසින් ආරවුල සමතයකට පත්කර ඇති අතර පසුව පහරදුන් පුද්ගලයා එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

මෙම අවස්ථාවේදි ඝාතනයට ලක් වූ තරුණයා සහ ඔහුගේ පියා වැඩිමහල් සහෝදරයා හමුවීමට ඔහු සිටි ස්ථානයට ගොස් තිබේ.

එහිදී මාර්ගයේ රැකසිටි පහරකෑමට ලක් වූ සැකකරු මෙම දෙපළට කඩුවකින් සහ පිහියකින් මෙලෙස පහර දී ඇති බව වාර්තා වේ.

සැකකරු සිද්ධියෙන් පසු පලාගොස් තිබෙනවා. 

මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.