මහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ගිලා බැසීමකට ලක් වූ ස්ථානය යලි පිළිසකර කර අවසන් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, කොළඹ කොටුවෙන් පෙරවරු 05.55 ට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය මහනුවර බලා ධාවනය වී තිබුණී.
මහනුවර ප්‍රදේශයට පසුගිය දින කිහිපයේ ඇදහැලුනු අධික වර්ෂාවත් සමඟ මෙම තත්ත්වය හටගෙන ඇති බව වාර්තා වේ.
