අභාවප්‍රාප්ත හිටපු යුද හමුදාපති ජෙනරාල් හැමිල්ටන් වනසිංහගේ අවසන් කටයුතු අනිද්දා (15) සිදු කිරීමට නියමිතයි.
යුද හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ, එදිනට පූර්ණ හමුදා ගෞරව සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුවන බවයි.
මෙරට 11 වන යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් හැමිල්ටන් වනසිංහ අද අලුයම අභවප්‍රාප්ත වී තිබුණේ, යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මිය යන විට ඔහු 91 හැවිරිදි වියේ පසුවුණා.
1988, 1991 අතර කාලසීමාවේ, යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු, 1995 වසරේ විශ්‍රාම ගැනීමෙන් පසු ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරී සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය ඇතුලු ප්‍රධාන තනතුරු කිහිපයක් ද හොබවනු ලැබුවා.
ස්නයිපර් බලකාය ශ්‍රී ලංකා යුද හමුදාවට හදුන්වාදෙනු ලැබුවේ ද ජෙනරාල් හැමිල්ටන් වනසිංහ විසින්.
