Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සැමියාගේ වෙඩි පහරින් බිරිඳ මරුට

1 year ago

මැදගම, බලගස්ආර ප්‍රදේශයේදී ඊයේ (14) පස්වරුවේ සැමියා විසින් තම බිරිඳව වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බලගස්ආර මාර්ගය ආසන්නයේ වෙඩි වැදී තුවාල ලැබූ කාන්තාවක් වැටී සිටින බවට මැදගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් විසින් තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් කාන්තාව මියගොස් සිට ඇති බවට වෛද්‍යවරුන් විසින් දන්වා ඇත.

එලෙස මියගොස් ඇත්තේ, මකැන්දවින්න, මැදගම ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි කාන්තාවකි.

මෙම වෙඩි තැබීම සිදුකළ බවට සැකකෙරෙන සැකකරු මේ වනවිටත් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, මෙම වෙඩි තැබීම මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් සිදුකර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පොල්ස් විමර්ශන ක්‍රියාතමකයි.