Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හරකාගේ ලණුවේ පැටලුණු පුංචි ඉමාෂ් රෝහලේ දී අවසන් ගමන් යයි! මීටර් 800ක් දුර ඇඳගෙන ගිහින්!

1 year ago

ගවයෙකුගේ ගෙල බැඳි ලණුවක පැටලී මීටර් 800ක් පමණ දුර ඇදී ගොස් බරපතල තුවාල ලැබූ දරුවෙකු සැත්කමක් අතරතුරදී මියගොස් තිබෙනවා.

අවුරුදු 09ක් වයසැති දරුවෙකුයි මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙන්නේ.

අනුරාධපුර විහාරපාළු ගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඉමාෂ් දෙවිඳු තවත් යහළුවන් කිහිප දෙනෙකු සමග අසල්වැසි නිවසක ඇතිකරන ගවයෙකු සමග සෙල්ලම්කරමින් සිට තිබෙනවා.

එම අවස්ථාවේ ගවයා නොසන්සුන් වී ගම්මානයට පිවිසෙන මාර්ගයේ දිවයාමත් සමග ගවයාගේ ගෙලෙහි ගැටගසා තිබූ ලණුව ඉමාෂ්ගේ සිරුරෙහි පැටලීම හේතුවෙන් දරුවා මීටර් 800ක් පමණ දුර ඇදී යාමත් සමග බරපතල තුවාල ලැබුවා.

දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළද සෞඛ්‍ය තත්ත්වය බරපතල බැවින් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීමටයි වෛද්‍යවරුන් කටයුතු කළේ.

දරුවට ප්‍රතිකාර ලබාදීම ක්ෂණිකව ආරම්භ කළද මොලයට දැඩි ලෙස හානි සිදුව ඇති බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණා.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර අතරතුරදී සැත්කමකට යොමුකළද ඒ වන විටත් ඉමාෂ් දෙවිදු මෙලොව හැරගොස් සිටියා.