Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෙන්නප්පුවෙන් පැන්නූ KDH වෑන් රථය හමුවූ තැන මෙන්න 

1 year ago

වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි මුරකරු ඝාතනය කොට නිවස කොල්ලකෑමෙන් පසුව එම නිවසේ තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක් පැහැරගෙන ගිය වෑන් රථය මහනුවරින් සොයාගෙන තිබෙනවා. 

කොල්ලකරුවන් එම වෑන් රථය මහනුවර, පේරාදෙණිය පාරේ කටුකැලේ, බාලිකා පාසලක් ඉදිරිපිට දමා ගොස් තිබියදී මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් සොයා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. 

එම වෑන් රථය තුළ තිබී පිහි දෙකක් හමුව තිබෙනවා. 

එමෙන්ම වෑන් රථය තුළ සිට අයිස් මත්ද්‍රව්‍ය පානයට අවශ්‍ය යැයි සැක කෙරෙන ද්‍රව්‍ය කිහිපයක්ද සොයාගෙන තිබෙන බව පොලිසිය පවසනවා. 

වෑන් රථය මහනුවර, පේරාදෙණිය පාරේ, කටුකැලේ දමා සැකකරුවන් දෙදෙනෙකු ඉන් බැස ගොස් යතුරු පැදියක නැගී පලා ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.