වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී වාහන 16ක් සහ සෙසු වාහන 3 ක් විකිණීම සඳහා ටෙන්ඩර් කඳවා ඇති බව අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශය පවසන්නේ, අදාළ වාහන විකිණීම සඳහා සුදුසුකම්ලත් ටෙන්ඩර්කරුවන්ගෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබ ඇති බවයි.
මෙම වාහන වලට අමතරව අබලි වාහන තුනක්ද විකිණීමට ඉදිරිපත් කර තිබෙනවා.
මෙම ටෙන්ඩරයට සහභාගී වීමට සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන් හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් හෝ සංවිධාන සඳහා පමණක් බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.
