Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිවසක ස්වයංක්‍රීය ගේට්ටුවකට හසුවී පුද්ගලයෙක් මරුට

1 year ago

බේරුවල, සමඩ් මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවසක සේවය කරන පුද්ගලයකු ස්වයංක්‍රීය ගේට්ටුවට හසුවීමෙන් මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, බේරැවල, මහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි.

දුරස්ථ පාලක මගින් ක්‍රියාකරන නිවසේ ප්‍රධාන ගේට්ටුවට සිරවීමෙන් මෙම පුද්ගලයා මෙලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.