Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලීසියේ හතරක් රිමාන්ඩ්

1 year ago

නඩු භාණ්ඩ නිසියාකාරව උප සේවයට භාර නොදී ළග තබා ගෙන සිටීම හේතුවෙන් වැඩ තහනම් වී සිටින කුරුවිට පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිළධාරින් සිව්දෙනෙකු  මේ මස 23 දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර තිබෙනවා.

රත්නපුර මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.

පසුගිය මැයි 29 වනදා කුරුවිට පොලිස් වසමේ පොහොරබාව ප්‍රදේශයේ දී මෙම නිලධාරීන් නීතිවිරෝධී මත්පැන් වැටල්ලිමක් සිදුකර තිබෙනවා.

ඉන් අනතුරුව ඒවා ළග තබා ගත් පුද්ගලයෙකුව කුරුවිට පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබුණා.

නමුත් එම නඩු භාණ්ඩ නිසියාකාරව උප සේවයට භාර නොදී ළග තබා ගෙන සිට ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර ඒ අනුව මෙම නිලධාරින් සිව් දෙනාගේ වැඩ තහනම් කර තිබුණා.