Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනුරාධපුරයේ වෙළදුන් 105 කට නඩු

1 year ago

2025 පොසොන් උත්සවය සැමරුම් සමයේදී අනුරාධපුර සහ ඒ අවට ප්‍රදේශවල විශේෂ දැනුවත්කිරීම් සහ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කළ අතර ඒ සඳහා විශේෂ කණ්ඩායම් ද යොදවන ලදී.

මෙම වැටලීම්වලදී හදුනාගත් වැරදි කරන ලද වෙළදුන් 105 කට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය.

කල් ඉකුත්වූ ආහාර ඇතුළු භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩයේ සඳහන් කර ඇති මිලට වඩා අධික මිලට භාණ්ඩ අලෙවිකිරීම, තොරතුරු නොමැති පූජා භාණ්ඩ අලෙවිකිරීම, ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකුල නොවන විදුලි උපකරණ අලෙවිකිරීම , කල් ඉකුත් වූ සහ නව භාණ්ඩ එකට ගබඩා කිරීම සහ මිල ප්‍රදර්ශනය නොකිරීම යන වැරදි මෙහිදී වැඩි වශයෙන් අනාවරණය වී ඇත.

මෙම වැටලීම් අනුරාධපුර නගරය, පූජා නගරය, මිහින්තලය, තිසාවැව ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සිදු කරන ලද අතර වැටලීම්වලට සමගාමීව වෙළඳුන් දැනුවත්කිරීම සඳහාද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.