ලෝක බැංකුව විසින් සපයන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් යටතේ සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ (GEM) ව්‍යාපෘතිය 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා .
මේ වන විට එම ව්‍යාපෘතිය යටතේ හඳුනාගන්නා ලද ව්‍යාපෘති සංරචක සියල්ලම පාහේ ක්‍රියාත්මක කර අපේක්ෂිත ප්‍රතිඵල සාක්ෂාත් කර ගනු ලැබ ඇති බවයි සඳහන් වන්නේ .
එම ව්‍යාපෘතිය යටතේ හඳුනාගනු ලැබ ඇති තවත් සංරචක කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා වෙනත් ව්‍යාපෘති යටතේ ඉතිරිව පවතින අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක අතිරේක මූල්‍ය පහසුකමක් සලසා ගැනීමට හැකියාව පවතින බව පෙනී ගොස් තිබෙනවා .
2026 වර්ෂයේදී ආරම්භ කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළව පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සියලුම පළාත්වල තෝරාගත් පාසල් 900ක සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, ප්‍රතිසංස්කරණය කරන ලද විෂය මාලා ඇගයීම්කරණය සහ ගුරු වෘත්තීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස එකී අතිරේක මූල්‍ය පහසුකම යෙදවීමට අපේක්ෂා කරනු ලබන බවයි සඳහන් වන්නේ .
ඒ අනුව, යෝජිත අතිරේක මූල්‍යකරණය ලබා ගැනීම පිණිස ලෝක බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා .
