ජනාධිපති අනුර දිසානායක මහතාගේ මෑතකාලීන ජර්මානු සංචාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු වන ජී. සුභාෂ් චමින්ද රොෂාන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
ජර්මානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා කොටි නායකයෙකු හමුවන බවට ආරංචි ලැබී ඇති බවට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා ඇති බව සඳහන්.
ජනාධිපතිවරයා ඇතුළු රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණෙන් මෙම ප්‍රකාශය සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරිය, එහි ප්‍රගතිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
