ඊශ්‍රායලයේ ටෙල්අවිව් Beersheba රෝහලේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවකට ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් තුවාල සිදුව තිබේ.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ පිළිබඳ සඳහන් කර ඇත.
එලෙස තුවාල ලබා ඇත්තේ, අනුරාධපුරයේ සිට මීට මාස හයකට පමණ පෙර ඊශ්‍රායලයේ සේවයට පැමිණි අයෙකි.
ඇයව ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල්ගත කර ඇති බවත් ඒ පිළිබඳ සොයා බැලීමට තානාපති කාර්යාලයේ කණ්ඩායමක් ඉක්මනින් පිටත් කර හැරීමට කටයුතු කළ බව ද නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
