Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍යවරයෙකුට මරු කැඳවූ මාරක රිය අනතුර

1 year ago

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුනුවර පොලිස් වසමට අයත් තංගනගර් ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

එම රිය අනතුරින් 59 හැවිරිදි වෛද්‍යවරයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

මඩකලපුව දෙසට ධාවනය වූ ඉන්ධන රැගත් බවුසරයක් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ වෛද්‍යවරයා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු පළමුව මුතූර් රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට මාරු කර යවා තිබේ.

සේරුනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.