මෙරට රැදී සිටිමින් පරිගණක ඇතුළු විවිධ අපරාධවලට වරදකරුවන් වූ චීන ජාතික රැඳවියන් 85 දෙනෙකු අද අලුයම එරට වෙත පිටුවහල් කර තිබෙනවා.
මොවුන් මෙරට අධිකරණය මගින් වැරදිකරුවන් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කර සිටි අතර පසුව පිටුවහල් කිරීමේ තීරණය මත වැළිසර පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රැදවුම් මධ්‍යස්ථානය වෙත මාරු කර එවා තිබුණා.
බස් රථ 05ක පටවා ගත් මෙම චීන ජාතිකයන් පිරිස කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබූ අතර, ඔවුන් දැඩි ආරක්ෂාවක් යටතේ ගුවන් යානය වෙත ඇතුළු කර තිබුණි.
මෙම චීන ජාතිකයන් පිරිස සමග මෙරට පොලිස් නිලධාරීන් 85දෙනෙකු ඇතුළු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රීලංකන් ගුවන් සේවා ආරක්ෂක නිලධාරීන් 172 මෙම ගුවන් යානයේ ගමන් කර තිබෙනවා.
