Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සූකර උණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

1 year ago

බලයලත් නිලධාරියෙකු විසින් නිකුත් කරන ලද සත්ත්ව සෞඛ්‍ය සහතිකයක් සහිතව රට පුරා ඌරන් ප්‍රවාහනය කිරීම, විකිණීම සහ ගබඩා කිරීම සිදුකළ යුතු බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. 

අප්‍රිකානු සූකර උණ සම්බන්ධයෙන් පසුගිය දා නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් එම දෙපාර්තමේන්තුව පෙන්වාදී ඇත්තේ රෝග කාරක වෛරසය රට පුරා ව්‍යාප්ත වීම මුලුමනින්ම පාලනය කිරීමේ අරමුණින් මෙම පියවරට එළඹි බවයි.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් හේමමාලි අබේරත්න සඳහන් කළේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තවදුරටත් සුලු වශයෙන් සූකර උණ රෝගී තත්ත්වය වාර්තා වන බවයි. 

ඒ අනුව ආසාදිත සතුන් මස් පිණිස ඝාතනය කිරීම, අවදානම් සතුන් සහිත සත්ත්ව වෙළඳපොළවල් පවත්වාගෙන යාම, බලයලත් නිලධාරියෙකුගේ අනුමැතියකින් තොරව ඝාතකාගාර, ගබඩා සහ මස් සැකසුම් මධ්‍යසථාන පවත්වාගෙන යාම මෙමගින් තහනම් වනු ඇති.