මහියංගනය පොලිස් වසමේ බදුල්ල මහියංගනය මාර්ගයේ 19 කණුව ආසන්නයේදී බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ කාර් රථයක් විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියක ගැටී ඊයේ (20) අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් යතුරු පැදියේ පැදිකරු හා පසුපැදිකාරිය බරපතල තුවාල ලබා මහියංගනය රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 27 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
