Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බදුල්ලේ බස් රථ අනතුර ගැන විමර්ශනයක්

1 year ago

බදුල්ල රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන්බදුල්ල දුන්හිඳ බස් අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (21) පස්වරුවේ දුන්හිඳ ප්‍රදේශයේදී අදාළ බස් රථය අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගිය අතර ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 31කි.

බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන 43 හැවිරිදි බස් රථ රියදුරුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහුව හෙට (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔවුන් අනුරාධපුර, තඹුත්තේගම පහළගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර ඔවුන් ඊයේ දින බදුල්ල මුතියංගන වෙහෙර වැඳපුදාගෙන නැවත නිවස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබුණි.