Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය CIDයෙන් පරීක්ෂණයක් ඉල්ලයි

1 year ago

තම සංගමයේ කීර්තිනාමයට හානිකිරීමේ අරමුණින් ව්‍යාජ ලියකියවිලි සහ ව්‍යාජ සමාජ මාධ්‍ය පළකිරීම් සංසරණය වීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) ඉල්ලා සිටිනවා.

 GMOA ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස CID වෙත ලිපියක් යවමින් දැනුම් දෙන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෑතකදී උපදේශක ස්නායු ශල්‍ය වෛද්‍යවරියකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ව්‍යාජ විද්‍යුත් අත්සනක් සහ ව්‍යාජ ෆේස්බුක් සටහන් සහිත ව්‍යාජ ලිපියක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

විවිධ න්‍යාය පත්‍ර ඇති පුද්ගලයින් විසින් හිතාමතාම වැරදි තොරතුරු පතුරුවා හැරීම හෙළාදකින බව ඔහු එම ලිපිය මඟින් අවධාරණය කරනවා.

මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.