Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ළමුන් ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වෙයි

1 year ago

නුවරඑළිය සිට නානුඔය දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද ත්‍රීරෝද රථයක් අද (23) උදෑසන නානුඔය උමං මාර්ගය අසළ දී අනතුරට පත්ව තිබේ.

නානුඔය පොලිසිය සඳහන් කළේ ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයට ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක් අපරික්ෂාකාරී ලෙස පසුකර යෑමට උත්සාහ කිරීමේ දී ත්‍රීරෝද රථය ලිස්සා ගොස් මාර්ගය අසල පිහිටි කොන්ක්‍රීට් බැම්මක වැදීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

අනතුරි පාසල් ළමුන් තිදෙනාට හෝ රියදුරාට කිසිදු අනතුරක් සිදු වී නොමැති වූවත්, ත්‍රීරෝද රථයට දැඩි අලාභ ලෙස හානි සිදු වී තිබෙනවා. 

නුවරඑළිය ප්‍රදේශයේ පවතින අයහපත් කාළගුණ තත්ත්වය සහ ඝණ මීදුම් තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය කිරිමේදී සැලකිලිමත් විය යුතු බව නානුඔය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.