Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපතිනි චන්ද්‍රිකා පෙරටු කරගෙන වෙල්ගම ‘නව ලංකා නිදහස් පක්ෂ’ කාර්යාලය විවෘත කරයි! 43 සේනාංකයේ නායක පාඨලීත් උත්සවයට එක් වෙයි!

4 years ago

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ සභාපතිත්වයෙන් යුත් ‘නව ලංකා නිදහස් පක්ෂයේ’ පක්ෂ මූලස්ථානය විවෘත කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ දී අද (05) පෙරවරුවේ සිදුකෙරිණි.

කුමාර වෙල්ගම මහතාගේ සභාපතීත්වයෙන් යුත් නව පක්‍ෂයට සුබ පතන අතර, මෙම පක්‍ෂයට දීර්ඝ ගමනක් යාමට අවශ්‍ය නම් දූෂණයෙන් තොර රට ගැන සිතන පුද්ගලයන් පමණක් එයට එක්කරගත යුතු බව ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙහිදී පැවසුවාය.

43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව ලංකා නිදහස් පක්ෂයේ‘ නියෝජ්‍ය සභාපති ලෙස හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංග කටයුතු කරන අතර මහ ලේකම්වරයා වන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන තිලක් වරාගොඩ මහතාය.

මෙහිදී අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා පැවසුවේ මෙම පක්‍ෂයට ඉදිරියේදී තවත් පිරිස් එක්වීමට සූදානමින් සිටින බවයි.