Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ  උඩුයටිකුරු කරන්න සැලසුම්

1 year ago

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වසරක් ඇතුළත නවිකරණයට කිරීමට රජය සැලසුම් කර තිබේ.

ඒ අනුව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ගුවන් හමුදාවේ සහයෝගයෙන් දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ බස් නැවතුම්පළ 50ක් නවීකරණය කිරීමටද සැලසුම් කර තිබේ.

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ  වැඩපිළිවෙළ යටතේ ආපන ශාලාව, විවේකාගාරය, ප්‍රවේශපත් කවුළු, පරිපාලන ඒකකය, මෙහෙයුම් මැදිරිය සහ රියැදුරු නේවාසිකාගාරයද නවීකරණය කිරීමට නියමිතය.

හෙක්ටයාර් 1.42ක භූමි ප්‍රමාණයකින් සමන්විත මධ්‍යම බස් නැවතුම්පොළ භූමියේ දෛනිකව බස් රථ 1500 – 2000ත් අතර ප්‍රමාණයක් ධාවන කටයුතු සිදුකෙරේ.