අධිවේගී මාර්ග සඳහා අධි සුඛෝපභෝගී බස් රථ 200ක් තම අරමුදල් යොදා ගනිමින් මිල දී ගැනීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ අනුව, මූල්‍ය හැකියාව ඇති ඩිපෝ මඟින් අධි සුඛෝපභෝගී බස් රථ 29 ක් සෘජුවම මිල දී ගැනීමටත්, සෙසු බස් රථ ප්‍රමාණය ශ්‍රී ලංගමයේ අරමුදල් භාවිතා කරමින් මූලික ගෙවීම් සිදු කර, ඉතිරි මුදල වසර 05 ක් තුළ මාසික වාරික වශයෙන්, උපයන ආදායමෙන් ගෙවීම හරහා මිල දී ගැනීමටත් මෙලෙස තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අධිවේගී මාර්ගවල මගී ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් බස් රථ නොමැතිකම හමුවේ ශ්‍රී ලංගම විසින් දැනට පෞද්ගලික අංශයට අයත් සුඛෝපභෝගී බස් රථ 61ක් ලාභ බෙදා ගැනීමේ පදනම මත ධාවනයේ යොදවනු ලබයි.
