තඹුත්තේගම මහවැලි කලාපයේ ඉඩමක පිහිටි ගසක් කපා ඉවත් කිරීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ඉඩම් නිලධාරියකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩසහිත වසර 22ක සිරදඬුවම් නියම කළා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසිනුයි එහි තීන්දුව ලබාදුන්නේ.
ඊට අමතරව විත්තිකරුට රුපියල් 30,000ක් දඩයක් ද නියම කළ විනිසුරුවරයා අල්ලස් පනතේ 26 වන වගන්තිය යටතේ අල්ලස් වශයෙන් ලබාගත් මුදල දඩයක් ලෙස අය කර ගන්නා ලෙසත් නියෝග කළා.
එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් වසරක ලිහිල් සිර දඬුවමක් නියම කළ විනිසුරුවරයා අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂයක වන්දි ගෙවන ලෙසත් දැනුම් දුන්නා.
මෙලෙස සිර දඩුවම් නියම වුණේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකුටයි.
