මහව පොලිස් වසමට අයත් කට්ටඹුවාව ග්‍රාම නිලධාරී වසමේ කැලෑබද ප්‍රදේශයක ජිප් රථයක් තුළ පිළිස්සී ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් තිබී සොයා ගත් බව මහව මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා.
මියගොස් ඇති පුද්ගලයා මාවතගම පොලිස් වසමට අයත් දොරටියාව ප්‍රදේශයේ අයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සිරුර සහිත කැබ් රථය දියබැටේ රේල් පාර ආසන්නයේ ඇති මාර්ගයට නුදුරින් පිහිටි කැලෑබද ප්‍රදේශයේ දී තිබි හමු වූ බව පොලිසිය සඳහන් කළා.
පසුගිය 25 වනදා 49 හැවිරිදි අදාළ ව්‍යාපාරිකයා කොණ්ඩය කැපීම සඳහා නිවසින් පිටව ගොස් ඇති අතර ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින් දොරටියාව පොලීසිය වෙත පැමිණිල්ලක්ද සිදු කර තිබුණි.
කැබ් රථයේ රියදුරු අසුනේ මෙම පුද්ගලයාගේ පිලිස්සී ගිය සිරුර හමුවූ බවත්, සම්පූර්ණයෙන්ම සිරුර පිලිස්සී නොමැති බවත්, පොලිසිය සඳහන් කරනවා.
බිරිඳ විසින් මළසිරුර තම ස්වාමි පුරුෂයාගේ බවට හඳුනාගෙන ඇත.
ඒ අනුව පස්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහ රෝහලේදී අද සිදුකිරීමට නියමිතව තිබේ.
අදාළ මරණය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහව මුලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
