Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෝට් සිටියේ කෘතීම මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුවෙක් අතුරුදන්

1 year ago

කොළඹ වරාය පොලිස් වසමේ කෘත්‍රීම වෙරළ තීරයේ මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුවෙක් ඊයේ (26) අතුරුදහන් වී ඇති බව කොළඹ වරාය පොලිසිය සඳහන් කරනවා. 

අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (26) උදෑසන කාලයේ ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් සිසුවෙකු මෙලෙස අතුරුදහන්වී තිබේ.

ඔහු පැලැඳ සිටි ස්නෝර්කලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා. 

අතුරුදහන් පුද්ගලයන් සොයා කොළඹ වරාය පොලිසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කර ඇති අතර, කොළඹ වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.