කුරුණෑගල ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලය බලා අධ්‍යාපන චාරිකාවක් ගිය පාසල් ළමුන් රැගත් බස් රථයක් කන්තලේ ඔරලෝසු කණුව හන්දියේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක, වෙළෙඳසැලක සහ නවතා තිබූ යතුරුපැදි 2ක ගැටී ගැටීමෙන් අද(27) උදෑසන අනතුරක් සිදුවුණා
බස් රථයේ රියදුරුට ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බස්රථය පාලනයෙන් ගිලිහී මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් රෝගී තත්ත්වයෙන් රියදුරු මියගියද වෙනත් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.
වැඩිදුර පරීක්ෂණ කන්තලේ පොලීසිය විසින් සිදු කරනු ලබනවා.
