Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට?

1 year ago

අල්ලස් නඩුවකට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

දූෂණ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු උප සභාපති උපාලි ලියනගේ මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ මේ බව සඳහන් කර තිබේ.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ අදාළ නඩුකරයට සම්බන්ධයෙන් එවකට විශය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නියෝග කර තිබුණි.