මෙරට ඇති ද්විතීයික හා තෘතීයික රෝහල් 130ම ආවරණය වන පරිදි සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල පිහිටුවීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි සාධාරණ මිලකට ලබාදීමේ පරමාර්ථය ඇතිව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 65 වැනි ඔසුසල නාරහෙන්පිට දී අද (27) විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
එයට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ නවීන තාක්ෂණ උපකරණ යොදා ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තත්ත්ව රසායනාගාරයේදී අවස්ථා හතකරදීම පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු පමණක් මෙම ඖෂධ වෙළෙඳපොළට නිකුත් කරන බැවින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ජනතාවට විශ්වාසයෙන් යුතුව ඖෂධ ලබා ගැනීමට හැකියාව ලැබෙන බවයි.
එමෙන්ම ඖෂධ මිලදී ගැනීමට 2024 වසරටම ටෙන්ඩර් 68ක් පමණක් සිදුකර ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මේ වසරේ පළමු මාස 05 තුළ පමණක් ටෙන්ඩර් 268ක් සිදු කර ඇති බවත් අමාත්‍යයා මෙහිදී පැවසුවා.
ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියමිත කාලය තුළ සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේදී රජයේ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ නියමිත පරිදී සහ ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් ම ලබා දීමේ හැකියාව රජයට පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
