Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුනඛයෙකුට සමාන නව ඩයිනෝසර් විශේෂයක්

1 year ago

මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්ත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන තිබෙනවා.


දිගු වලිගයක් ඇති බවට නිගමනය කර ඇති පර්යේෂකයන්, මෙම නව ඩයිනෝසර් විශේෂය Labrador Retriever වර්ගයේ සුනඛයෙකුගේ ශරීර ප්‍රමාණයට සමානතාවක් ඇති බව පවසයි.


මෙම විශේෂය එනිග්මකර්සර් මොලිබෝර්ක්ටිකා ලෙස නම් කර තිබෙනවා.


පර්යේෂකයන් සඳහන් කළේ එනිග්මකර්සර් මොලිබෝර්ක්ටිකා යනු වසර මිලියන 150කට පමණ පෙර සැරිසැරූ සත්වයෙක් බවයි.


මෙම නව ඩයිනෝසර් විශේෂයේ අස්ථි බොහොමයක් 2021-2022 කාලසීමාවේ අමෙරිකාවේ කොලරාඩෝහී මොරිසන් සංයුතියෙන් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහෙත් එහි හිස් කබල සහ කශේරුකා තීරුවේ කොටස් සොයාගැනීමට නොහැකි වී ඇති අතර, ඒ හේතුවෙන් නිශ්චිත දිග පිළිබඳ තහවුරුවක් ලබාගැනීමට විද්‍යාඥයින්ට නොහැකි වී ඇත.