කුරුණෑගල සිට නුවරඑළිය හරහා බණ්ඩාරවෙල දක්වා ධාවනය වු එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් ඊයේ (28) දින පස්වරුවේ අනතුරට ලක්ව තිබේ.
නුවරඑළිය මුලස්ථාන පොලිසිය සඳහන් කළේ එම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කුඩා ළමුන් දෙදෙනා ඇතුලු සිව් දෙනෙකු නුවරඑළිය දිස්ත්රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි.
මෙම අනතුර සිදුවී ඇත්තේ ගම්පොළ නුවරඑලිය ප්රධාන මාර්ගයේ නුවරඑලිය බඹරකැලේ වත්ත ප්රදේශයේදීයි.
ධාවනය වෙමින් තිබු මොටර් රථය පැවති අයහපත් කාළගුණයත් සමග ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන බඹරකැලේ වත්තට පිවිසෙන මාර්ගයට පෙරලී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.
නුවරඑලිය පොලිසිය අනතුර පිළිබද පරික්ෂණ පවත්වයි.
