Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හන්තාන නැරඹීමට ගොස් අතුරුදන්වූ ළමුන් පිරිසක් මුදා ගැනේ

1 year ago

තලාතුඔය, රටේමුල්ල ප්‍රදේශයේ පදිංචි සිසුන් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (28) උදෑසන හන්තාන කඳුකර ප්‍රදේශයේ සංචාරයකට එක්ව තිබෙනවා.

ඊයේ සවස් වන විට නැවත පහළට පැමිණෙමින් සිටියදී, පැවති මීදුව සහ වැසි හමුවේ ඔවුන්ට නැවත පැමිණීමට මග සොයා ගැනීමට නොහැකිව  අතුරුදන් වී තිබුණි.

ඒ පිළිබඳව ඔවුන් දැනුම්දීමත් සමඟම, යුද හමුදා සහ තලාතුඔය පොලිස් නිලධාරීන් කණ්ඩායම් ඒකාබද්ධව වහාම සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.

පැය කිහිපයක් පුරා සිදු කළ මෙහෙයුමකින් අනතුරුව අලුයම් කාලයේදී සිසුන් සිටි ස්ථානය සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

මුදාගත් සිසුන් වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ප්‍රතිකාර ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.