Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කතරගම කඩ 32කට නඩු

1 year ago

කතරගම පූජා නගරය ආශ්‍රිතව ප්ලාස්ටික් සහ පොලිතින් භාවිත කළ, වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

කණ්ඩායම් 5ක් යොදවා මැයි 31 වැනිදා සිට මේ දක්වා කාලය තුළදී වෙළෙඳ සැල් 75ක් පරික්ෂා කිරීමෙන් අනතුරුව මෙම නඩු පැවරිම සිදු කර තිබෙනවා.

ඒවායේ තිබී භාවිතය තහනම් කර ඇති පොලිතින් මල්මාලා ,ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ප්‍රමිතියෙන් තොර ලන්ච් ෂීට් තොග සොයා ගැනුණු බවයි පැවසෙන්නේ.

දේවාල භූමියට පිටතින් රැගෙන එන පූජා ද්‍රව්‍ය තුළ ඇති ප්ලාස්ටික් මල්මාලා ඇතුලු ප්‍රමිතියෙන් තොර භාණ්ඩ නොගැනීමට කටයුතු කරන්නැයි කපු මහතුන් දැනුවත් කර ඇති බව ද මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළා.