බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙස වෙත අද (29) පස්වරුවේ පැමිණියේය.
එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදල මගින් ප්‍රදානය කෙරුණු රුපියල් 1,000,000 ක චෙක් පත ද ඒ මහතා වෙත පිරිනමන ලදී.
ඉෂාක් බෙග් වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීමට ගායක ගායිකා සංගමය විසින් “ ඉෂාක්ට කෝටියක්”යනුවෙන් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව, ජනප්‍රිය ගායිකාවන්ද සිය මූල්‍යමය සහයෝගය දක්වා තිබුණා.
