Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ධීවර ඇමතිගෙන් දැඩි ප්‍රකාශයක්

1 year ago

රාජ්‍යතාන්ත්‍රිකව හා නීත්‍යානුකූලව මෙරටට පවරා දුන් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පැවරීමට කිසිසෙත් කටයුතු නොකරන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසනවා. 

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් එරට පැවති උත්සවයකදී අදහස් දක්වමින්සදහන් කළේ, හදිසි අවස්ථාව යටතේ ශ්‍රී ලංකාව සමග ඇතිකරගත් ගිවිසුමක් නිසා ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් ඇල්ලීමට තිබූ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි. 

කෙසේ වෙතත් ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ නීත්‍යානුකූලව මෙරටට පවරා දුන් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පැවරීමට කිසිසෙත් කටයුතු නොකරන බවයි. 

එසේම තමිල්නාඩු ධීවරයින් මෙරට මුහුදු සීමාව තුළ සිදුකරන විනාශය නිසා තවත් වසර 15කින් පමණ අපගේ මුහුදු සීමාව මුහුදු කාන්තාරයක් වීම වක්වාළිය නොහැකි වනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.