Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාලයක් කොල්ලකා කුරුවිටදී තරුණියක් ඝාතනය කරලා

1 year ago

කුරුවිට – දෙවිපහළ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී තරුණියක් ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ පුද්ගලයෙකු විසින් අදාළ තරුණියගේ ගෙළ පැලඳි රන් මාලය සොරාගැනීමට පැමිණි අවස්ථාවේ දී ඇගේ ගෙළ ප්‍රදේශයේ කැපුම් තුවාල සිදුකර පළා ගොස් ඇති බවයි.

තුවාල සහිතව ඇඳවැටී සිටි කාන්තාව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුවිට, දෙවිපහළ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණියක් වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.