අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු ජූලි 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුවෙන් නීත්‍යානුකූලව නිෂ්කාශනය නොවූ මෝටර් රථයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ ලෙස ඇතුළත් කර ලියාපදිංචි කිරීමෙන් එම රථයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ආදායම් බලපත්‍රයක් ලබා ගැනීමට ආධාර අනුබලදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන්.
මෙම ව්‍යාපාරිකයා ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
