Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාගම බටුවත්තේ වෙඩිතැබීමක්! ‘ආමි උපුල්’ අවසන් ගමන් යයි!

1 year ago

රාගම, බටුවත්ත, මිහිඳු මාවත ප්‍රදේශයේදී ඊයේ(03) රාත්‍රියේ වෙඩ් තැබීමක් සිදුව තිබෙනවා. 

ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත.

මෙම වෙඩි තැබීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වන ‘ආමි උපුල්’ නම් පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

ඔහු 45 හැවිරිදි බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු යුද හමුදා සෙබළෙකු බවද පොලීසිය පවසයි.