සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්. යූ වුට්ලර් මහතා ඊයේ (03) උදෑසන පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී ශ්‍රී ලංකා පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂවරයා වශයෙන් වැඩ භාර ගනු ලැබුවා.
සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්. යූ වුට්ලර් මහතා කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන අතර ඔහු එංගලන්තයේ බකින්ග්හැම්ෂයර් (BUCKINGHAMSHIRE) විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී ගෞරව උපාධිය ලබාගෙන තිබෙනවා.
ඒ මහතා ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි ඉටුකරමින් සිටින අතරතුර 2015 දෙසැම්බර් 02 වන දින කොළඹ විශ්ව විද්‍යාලයෙන් මානව හිමිකම් පිළිබඳව ශාස්ත්‍රපති උපාධියද ලබාගෙන තිබෙනවා.
ඔහු, යුධ කාලසීමාවේදී යාපනය පොලිස් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක, මීගමුව පොලිස් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක, වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති, කටුනායක පොලිස් ස්ථානාධිපති, දොම්පේ පොලිස් ස්ථානාධිපති, එරාවුර් පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කර තිබුණා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වසර 04 කට ආසන්න සේවා කාලයක් හිමි සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම සන්නිවේදනය කළ හැකි මානව හිමිකම් පිළිබඳව අධ්‍යයනයක් හිමි අයෙකු ලෙසද එෆ්. යූ වුට්ලර් මහතා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.
වසර 05 ක් නැගෙනහිර ටිමෝරයේ සහ දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන්හි පොලිස් උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ වුට්ලර් මහතා මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ Professional – 3 (P-3) වර්ගීකරණය යටතේ වෘත්තීය සාමාජිකයෙකු ලෙස ලයිස්තුගත වී (Short List) ඇති නිලධාරියෙක්.
