Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ – අවිස්සාවේල්ල ලෝලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බවට පොලිසියෙන් නිවේදනයක්

1 year ago

කොළඹ – අවිස්සාවේල්ල ලෝලෙවල් මාර්ගයේ අද (4) පස්වරු 4 සිට පැය 3ක පමණ කාලයක් අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය සඳහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ, බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයට  වසර 106ක් සපිරීම නිමිත්තෙන් එම විද්‍යාලය සංවිධානය කරන වීථි පෙරහරක් හේතුවෙන් මෙම රථවාහන තදබදය ඇතිවිය හැකි බවයි.

වීථි පෙරහර පස්වරු 4ට ආරම්භ කර, නවගමුව සුගතබිම්බාරාමය පුරාණ රජමහා විහාරස්ථානයේ සිට එම විද්‍යාලය දක්වා සංචාරය කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව, නවගමුව දේවාලය අසල සිට කඩුවෙල දෙසට බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 3කට ආසන්න දුරක් රථවාහන තදබදය ඇතිවිය හැකි බව පොලිසිය සඳහන් කරනවා.

එබැවින් පහත සඳහන් විකල්ප මාර්ගය භාවිතා කරන මෙන් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

_විකල්ප මාර්ගය –_

* කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ගමන් කරන සියළුම වාහන මාර්ග අංක 143 මාර්ගය ඔස්සේ ගමන් කිරීමටත්,

* අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහනවලින් බර වාහන රණාළ සියඹලාගහ හන්දියෙන් හරවා ඔරුවල හන්දියෙන් වෙලේ හන්දිය, කඩුවෙල දක්වාත්,

* සැහැල්ලු වාහන නවගමුව හන්දියෙන් වදුරමිමුල්ල සිට කොරතොට කඩුවෙල දක්වාත් ගමන් කිරීමට හැකියාව ඇත

.