Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව කම්කරු පනතක්

1 year ago

යෝජිත නව කම්කරු පනත ගෙන එනු ලබන්නේ සියලු පාර්ශ්වයන්වල එකඟතාවෙන් පමණක් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

නව පනත සඳහා යෝජනා සකස් කිරීමට විෂයය ප්‍රාමාණිකයින්ගෙන් සමන්විත කමිටුවක්ද පත්කර ඇති බවත් කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුව සකස් කළ පනත යළි ගෙන ඒමට කිසිසේත් කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා පැවසීය.

කම්කරු දෙපාර්තමේන්තුවේ පැවැති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම මෙම සභා රැස්වීමේදි තවත් කරුණු රැසක් සම්බන්ධවද සාකච්ඡාවට ලක්ව තිබේ.

එහිදී සේවක අර්ථසාධක අරමුදල පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමුව ඇත.